Breaking News
Home / Interviews / ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් වෙනුවෙන් යාපනයේ ස්ථාපිත වු ස්මාරකයේ නිර්මාතෘගේ කථාව !

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් වෙනුවෙන් යාපනයේ ස්ථාපිත වු ස්මාරකයේ නිර්මාතෘගේ කථාව !

ස්මාරකය 62016 මාර්තු මස 26, 27 යන දෙදින තුළ දී දකුණේ මාධ්‍ය සහෝදරත්වය උතුරේ මාධ්‍ය සහෝදරත්වය සොයා යාපනය බලා ගමන් ගත්තේ හදපිරි දයාබරත්වය ද පුරවාගෙනය.
ඒ ජනමාධ්‍ය ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු දේශපාලකයින් සමඟ දකුණේ මාධ්‍ය ප්‍රධානින් ඇතුළු මාධ්‍යවේදීන් 120 කට ආසන්න පිරිසක් ද පිරිවරා ගෙනය.
එහිදි උතුරේ ජීවිත අහිමි වූ ජනමාධ්‍යවේදීන්ගේ පවුල් මුණගැසීම සහ ඔවුන් වෙනුවෙන් ගතයුතු වගකීම් ඉටුකිරීමට පදනම දැමීම, පළමු අදියර ලෙස උතුරේ යුද්ධයට මුහුණ දී අසරණ වූ මාධ්‍යවේදීන් තුන් දෙනෙක් වෙනුවෙන් නිවාස තුනක් ඉදි කිරීමට මුල්ගල් තැබීම, උතුරේ මාධ්‍යවේදීන් පිරිසකට මෝටර් සයිකල් ඛෙදාදීම හා පසුගිය රාජ්‍ය සමයේ පහරකෑමට ලක්වු පුවත්පත් හා රූපවාහිනි ආයතන හමුවීම  විශාල වැඩ කටයුතු රාශියක් සිදුකර තිබුණි.
මෙය උතුරත්, දකුණත් එක් කරන සංහිඳියාවේ සමාරම්භක අවස්තාව ලෙස ද යම් විදිහකින් අපට හැදින්විය හැක. උතුරේ දමිළ ජනයාගේ සෙනහසත් සහජීවනයට ඇති දැඩි කැමැත්ත පළ කරමින් දැක් වූ උනුසුම් පිළිගැනීම් වලින් දක්නට ලැබුන ප්‍රතිචාරය සංහිඳියාවේ සුභවාදී පෙරමං ලකුණු කියාපායි.
තවද එහි තවත් වැදගත් සිද්ධියක් වූයේ උතුරේත්, දකුණේත් නැගෙනහිරත් යුද්ධයේදී ජිවිත අහිමි වූ සියළු මාධ්‍යවේදීන් සිහිපත් කරනු වස් සහෝදරත්වයේ ස්මාරකයක් ද ස්ථාපිත කිරීමයි.
මෙය උතුරේ මහ ඇමති ගරු විග්නේෂ්වරන් , ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය ආමාත්‍ය කරුණාරත්න පරණවිතාන සහ මියගිය මාධ්‍යවේදීන්ගේ දෙමාපියන් ඇතුළු ජනමාධ්‍යෙවිදීන් විසින් මෙම ස්මාරකය විවෘත කරන ලදී.

පහත පළවන සංවාදය උතුරේ ජනමාධ්‍යවේදයෙකු  සහ මෙම  ස්මාරකය නිර්මාණය කළ කලාකරුවා වූ සාලිය ලියනාරච්චි සමඟ කරන ලද සංවාදයක් ඇසුරින් සැකසුණි.

 ප්‍රශ්ණය – උතුරේ යුද්ධය අවසන් වී සංහිඳියාව ගොඩනැගීමේ කඩිනම් ව්‍යාපෘතිය ගොඩනැගීමයි දැන් ඇත්තේ. ඔබ සිතන අයුරින් මේ ආණ්ඩුව තුළින් මෙම සංහිඳියාව ගොඩනැගේවිද?

පිළිතුර – මා මේ පිළිබඳව කල්පනා කරන්නේ වෙනස් විදිහකට. ඔබගේ ප්‍රශ්ණය තුළින් මා අවබෝධ කොට ගත් දෙයක් තමයි පත් කරන ලද ආණ්ඩුවකට සංහිඳියාව ගොඩනැගීමට කොන්ත්‍රාතත්තුව භාර දී එය ඉටුවන තුරු අප බලා සිටිය යුතු යන හැගීම. සංහිඳීයාව වහා අවශ්‍ය කාටද ? ඔබට දරුවන් සිටිනවා නම් ඔබේ දරුවාගේ හෙට දවස ගැන ඔබ හිතන්නේ කුමක් ද? අපට වහාම සහජීවනයක් අවශ්‍යයි. ආණ්ඩුව යනු අප විසින් යම් බලයක් ලබා දී ඇති දේශපාලනික අවකාශයක්, අධිකාරියක්. එය දෙවියෙක් නොවේ. සියල්ල එයට කළ නොහැකියි. ඒ නිසා අපට වුවමනා දේ වෙනුවෙන් පළමුව අප එකතු විය යුතුයි. පළමුව අප ක්‍රියාත්මක විය යුතුයි. එවිටයි මෙහි සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක්කේ. අපගේ ප්‍රයෝගික ක්‍රියාවන් හමුවේ ආණ්ඩුවකට පවා මග හැරිය නොහැකි වනවා. ඒ නිසා අපගේ සහෝදරත්වය ඉතාම වැදගත්. ඒ නිසා සංහිඳියාව ගොඩනැගීමට අප උතුරේ බිමටත්, ඔබ දකුණේ බිමටත් ආ යුතු වෙනවා. අප එකාමෙන් දෑත්වෙලා ගත යුතු වෙනවා. එසේ නොකොලොත් වන්නේ ආණ්ඩුවලට දොස් නැගීම පමණයි. එය සිදුවූයේ නැත කියා. ප්‍රධාන සාධකය මහා ජනතා බලයයි. ඒ නිසා සංහිඳයාව ගොඩ නගන්න ඒ මහජන බලය එක තැනකට ගොනු කළ යුතුයි. සංහිඳියා වැඩ පිළිවෙල මහජන බලයක් ලෙස සංවිධානය වී පෙරට ආ යුතුයි. එවිටයි එය දිනාගත හැක්කේ.

 ප්‍රශ්නය දකුණේ බලය උතුරේ ස්මාරක කඩා තිඛෙනවා. දැන් ඔබ උතුරේ ස්මාරකයක් ස්ථාපිත කරනවා. මෙය දමිළ සමාජයට ප්‍රශ්ණයක් විය හැකියි නේද? ඇයි මෙවැන්නක් ඉදි කළේ?

පිළිතුර – යුද්ධයකදී බොහෝ දේපල මෙන් ම ජීවිතත් අහිමි වෙනවා. ඒය ලෝකය පිළිගත් සාමාන්‍ය තත්ත්වයක්. එයට වගකිව යුත්තේ යුද්ධයට මැදී වූ හා යුද්ධය නිර්මාණය කළ මිනිසුන්ගේ බුද්ධිය හා ආකල්ය. එය වෙනත් විදිහකින් දැනුම පිළිබඳ ප්‍රශ්ණයක්. පෘතුවියේ ජීවත් වන බුද්ධිමත්ම ජීව්න් වන අප අනෙක් සතුන්ට වඩා වෙනස් වන්නේ සන්නිවේදනයේදී අප දක්වන විශේෂ හැකියාව මත. ඉතිං ඇයි අපට මෙය බුද්ධිමත් සංවාදයකින් මෙවැනි තත්ත්වයන් බේරාගන්න බැරි. දේපාර්ශවයේ දේපලත්, ජීවිතත් විශාල ප්‍රමාණයක් අහිමි විය යුතු ද? ප්‍රශ්ණයක් විසඳගන්න. එය මොනතරම් අනුවන ක්‍රියාවක් ද? මා කල්පනා කරන්නේ එහෙමයි. ඔබ ඇසුවා නේද? මෙවන්නක් ඉදිකලේ ඇයි ද කියා. ඇයි මිනිසුන් තමන් අදහන ආගම වෙනුවෙන් පල්ලි, පන්සල්, කෝවිල් ඉදි කරන්නේ. මොහොතක් හිතා බලන්න. එය ඇත්තටම ආගම දෛනිකව යාවත්කාලීන කිරීම සඳහා උපයෝගී කර ගන්නා ප්‍රබල දෘෂ්‍ය මෙවලමක්. අප එම ආගමේ සිටිනවා වාගේ දැනෙන්නේ ඒ දෘෂ්‍ය ආධාරකය පදනම් කර ගනිමිනුයි. ඉතිං මා අදහස් කලේ සහජීවනය සංහිිඳියාව වෙනුවෙනුත් දෘෂ්‍ය මෙවලමක් අවශ්‍ය බවයි. එවිට එය දකින හැම වාරයක් පසාම අපගේ සහෝදරත්වය සිහිවේවි. සංහිඳියාව යාවත්කාලීන වේවි. එසේ නැත්තං අපට මෙම තත්ත්වය සහෝදරත්වය යාවත්කාලීන කිරීමට රූපකයක් නැහැනේද? අප උතුරට ආ සහෝදරත්වයේ ගමන නිකම්ම නිකං හිස් ගමණක් පමණක් වේවි.

ඒ වගේ ම අප ආරාධනා කලා දකුණටත් උතුරේ සහෝදරත්වයේ උණුසුම පිරුණු සිහිවටනයක් අරන් එන්න කියලා. එය ඉදිරි මාසය දෙක තුළදී උතුරෙන් දකුණට එන මාධ්‍ය සහෝදරත්වය රැගෙන ඒවී. අප නොඉවසිල්ලෙන් බලා ගෙනයි ඉන්නේ එය ස්ථාපිත වනතුරු. මොකද? එය දකින වාරයක් පසා ඔබත් ඔබේ සෙනෙහසත් අපට දැනෙන නිසා.

ප්‍රශ්නයඔබ හා මා පැහැදිලිවම එකඟවනවා. නමුත් මෙහි ඇත්තේ පෑනක්. එහි තලයේ සිංහලෙන් ලියා තිඛෙනවා —එන්න එකට හුස්ම ගන්න˜ කියා. උතුරේ දමිළ සමාජය සිංහලෙන් පමණක් මෙවැන්නක් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව බලන්නෙ වෙනත් විදිහකින්. එයට දමිළ ද අවශයයි නේද?

පිළිතුර – ඔබ මෙය සම්පූර්ණයෙන් ම වැරදි ලෙසයි වටහා ගෙන ඇත්තේ. මෙහි ඇත්තේ සිංහල අක්ෂරයෙන් නොවේ. සිංහල දමිළ එක්තැන් කළ නිර්මාණාත්මක අක්ෂරයක්. දමිළ හා සිංහල අක්ෂර අතර ඇත්තේ ඉතාම කුඩා වෙනස්කම් කිහිපයක්. ඇත්තටම එහි සැබෑ නැදෑකමක් තියෙනවා. අප ජන වර්ග දෙකක් නොව එකක් කියා හඩාගා කියන්නට එය විශාලම සාධකයක්. ඒ නිසා මෙම අක්ෂරය සිංහල සමාජයට මෙන්ම දමිළ සමාජයට ද කියවිය හැකියි. අනෙක් කරුණ තමා මෙම අක්ෂර නිර්මාණය කලේ අක්ෂර ලෙස පාවිච්චි කරන්නට නොව, එය ලාංඡනයක් ලෙසයි. මෙහි මුල් ලාංඡනය අධ්‍යනය කිරීමෙන් ඔබට බලාගත හැකියි. මෙහි තේරුම එය දමිළ හා සිංහල භාෂාවෙන් පැහැදිලිව දක්වා තිඛෙනවා. දැන් බලන්න. අප දන්නා වාහනයක්නෙ —ටාටා˜ කියන්නේ. එහි යටින් දමිළ හෝ සිංහල බසින් එහි තේරුම ලියා නැහැ. අප කාටවත් —ටාටා˜ යන්න ප්‍රශ්නයක් වීත් නැහැ. අපි එහි අරුත දන්නේත් නැහැ. මොකද අප දන්නවා එය යම් ලංඡනයක් බව අප යම් දෙයක් දිහා ඔය විදිහේ පටු ආකල්ප වලින් බැලිය යුතු නැහැ. නිතරම වපර ඇහින් බලන්න හොද නැහැ. එවිට කොහොමද? අප සහජීවනයක් ඇති කර ගන්නේ. මෙය දමිළ මෙන් ම සිංහල සමාජයටත් පොදුයි.

අප බලන්න ඕනේ මෙහි ඇති ගැඹුර පිළිබඳවයි. කිසිවෙක් මගෙන් ඇසුවේ නැහැ —එන්න එකට හුස්ම ගන්න˜ කියා යොදා ඇත්තේ කියා. ඔබවත් ඇසුවේ නැහැ. ඔබ දන්නවාද? එසේ යොදා ඇත්තේ ඇයි කියා¡ මේ පොලොව මත ජීවත් වන අපට ජීවත්වීමට ප්‍රධාන වශයෙන් ම අතා්‍යාවශ්‍ය වන්නේ හුස්ම ගැනීමයි. මා ඉදිරිපිට සිටින ඔබ ජීවත්වීම සඳහා හුස්ම ගන්නවා. එසේ පාවිච්චි කරන ලද හුස්ම පිට කරනවා. ඒ හුස්ම මා ජීවත්වීම සඳහා උරා බොනවා. එවිට මා උරා බොන්නේ දමිළ හුස්ම නොවේ. අප සැමට හිමි වායුවයි. ඔබද මාද ජීවිත්වීමට එකම හුස්ම උරා බොනවා නම් අප වර්ග දෙකක් වන්නේ කෙසේද? අප මනුෂ්‍යයින් නොවේද? මා අදහස් කළේ එයයි. එවැනි වැදගත් දේ මගහැර ඔබ සිතන විදිහට සිතීම වැරදියි. අපගේ සංස්කෘතියේ එන කලා මොස්තරද, අක්ෂරද, වර්ණ වලද ඇත්තේ ඉතා ශේෂ වූ වෙනස්කම් කිහිපයක් පමණයි. බැලූ බැල්මට එකවගේ. මා සිතනවා සංහිඳියාව පවත්වා ගෙන යෑමට දෘෂ්‍ය කලාවට විශාල වගකීමක් පැවරෙනවා කියා. ආකල්ප වෙනස් කිරීමට දෘෂ්‍ය ආධාරකයන් අප වටා ඉදිවිය යුතුයි. එය නිතර දැකීමෙන් අප අතර ඇති සහෝදරත්වය ආදරය තුළ විශාල වර්ධනයක් වේවිය කියා මා සිතනවා.

අනෙක මෙය සම්පූර්ණ වශයෙන්ම අවසන් වූ නිර්මාණයක් නොවේ. මෙහි තවත් කටයුතු කිහිපයක් ඉතිරිව තිඛෙනවා. මෙය අවසන් කිරීමට නොහැකි වුයේ දින තුනක් ලෙස සංවිධානය කර තිබූ මෙම චාරිකාව අත්‍යාවශය කරුණක් පදනම් කරගනිමින් දින දෙකකට සීමා කිරීමට වූ නිසයි. ඒ එක දිනක් තුළ කළ නොහැකි වූ වැඩ කොටසක් කිරීමට අපට සිදුවුනා. අවසානයේ මෙය විවෘත කිරීමට සිදුවූයේ රාත්‍රි 7 ට පමණ රාත්‍රියේ. එයින් පසුවයි මුල් ගල් තැබීමට සිදු වුනේ. ඒ නිසා මෙම ස්මාරකයේ තේමාව රැගත් පුවරුව තවම මෙහි සවිකර නැහැ. එවිටයි මෙය සම්පූර්ණ වන්නේ. එයත් එකතු වූ පසු මේ පිළිබදව පැණයක් පවතින එකක් නැහැ.

සාලිය ලියනආරච්චි

සාලිය ලියනආරච්චි

ප්‍රශ්නය – මට ඔබ වඩාත් තේරුණා. එහෙත් සැබෑ සහජීවනයක්, සංහිඳියාවක් සඳහා කලයුත්තේ කුමක් කියාද .ඔබ අදහස් කරන්නෙ?

පිළිතුර – මම දමිළ දන්නේ නැහැ. මම සිංහල දන්නේත් නැහැ. මම බුද්ධාගම දන්නේත් නැහැ. කතෝලික දන්නේත් නැහැ හින්දු දන්නේත් නැහැ. දේශපාලන පක‍ෂ හෝ සංවිධාන දන්නේත් නැහැ මා දන්නේ එකයි. ඒ අප සියළු දෙනාම මිනිසුන් බවයි. එය දමිළ, සිංහල, මුස්ලිම්, බර්ගර් ඉංග්‍රිසි ආදි වශයෙන් කියා මට පෙන්නේ නැහැ. ඒ නිසා මට ජාති හෝ වර්ග හෝ පක‍ෂ කියා බේදයක් නැහැ. මට එහෙම දැනෙන්නෙ නැහැ. මම සෑම මිනිසෙකුටම සත්වයකුටම ආදරයක් ඇති කෙනෙක්. මා ගස්වැල් වලටත් එසේම අසීමිතව ආදරය කරන්නෙක්. ඒ නිසා එකට බැදුනු සහෝදර ජාලයක් ලෙසයි මා එය දකින්නේ. මේ විදිහට හැමෝටම දකින්න පුලූවන්නම් මා සිතනවා ආයාසයකින් සංහිඳියාව ගොඩනගන්න ඔනේ නැහැ කියා. මෙහිදී වෙනස් විය යුත්තේ අපයි. අපේ ආකල්පයි. උතුරේ මෙන්ම දකුණේ සමාජයටත් මේ වෙනුවෙන් පැවරෙන්නේ ලොකු වගකීමක්. එය අනාගතය දෙස අවබෝධයෙන් බලා කළ යුත්තක්. මොහොතකට සිතන්න. දැන් අප මෙසේ සිටින විට සුනාමියක් අප දෙසට අඩි සිය ගණනක් ඉහළින් එනවායි කියා. එවිට ඔබ මට දමිළ නොවේ. මා ද ඔබට සිංහළ නොවේ. ඉතිං එවැනි යාතාර්ථයක් අවබෝධ කරගන්න ව්‍යවසනයක් එනතුරු බලා සිටිය යුතුද? නැහැ නේද? ඒ නිසා පොදුවේ ජන සමාජය මේ වෙනුවෙන් විශාල ව්‍යාපාරයක් දියත් කළ යුතුයි කියා මා සිතන්නෙ. එය ගොඩ නැගීමට අත්‍යාවශ්‍ය සාධක වන දෘෂ්‍ය ආධාරකයන්ද, බුද්ධිමය සාධකයන් ද ඒ පිළිබඳ ව අවබෝධයක් ඇති පුද්ගලයන් විසින් කළයුතුයි. ඒ වගේම මහජනයා විසින් නඩත්තු කරන දේශපාලන අධිකාරියද මෙම කටයුත්ත වෙනුවෙන් කොන්දේසි විරහිතව කටයුතු කළ යුතුවෙනවා. එයින් තොර සාමයක් හෝ සංහිඳියාවක් උදාකර ගත නොහැකියි යන්න මා දරන මතයයි.

කුමන පාර්ෂවයක් කලත් යුද්ධය මා අනුමත කරන්නේ නැහැ. ජීවිතයක් විනාශ කරන්න තවත් එවැනිම ජීවියෙකුට බලයක් නැහැ. මිහිපිට හෝ වෙනත් කිසිවෙක් එවැන්නක් සඳහා බලයක් ලැබිය යුතුත් නැහැ. හැමෝම ජීවත්විය යුතුයි. තමන් කැමති ආගමක් භාෂාවක් කතා කළ යුතුයි. අපි ඒ වෙනසට ගරු කළ යුතුයි.පිළිගත යුතුයි. එකම එක කොන්දේසියක් මත, එනම් එය සමාජයට හානිකර නොවිය යුතුයි. කෙසේ හෝ යුද්ධයක් අවසන් වී තිඛෙනවා .අප එය උපකල්පනය කළහොත් යම් බිමක් සුද්ධ ප්‍රවිත්‍ර කළායැයි කියා. එසේ නම් එම බිමේ මන්දිරය ගොඩනැගීම මිනිසුන් වන අපට පැවරී තිඛෙනවා. හැකි ඉක්මනින් එම මන්දිරය ගොඩනගා සාමය එහි රාජා ලෙස ඔටුනු පැලැන්දිය යුතුයි. ඒ නිසා දැන් වඩාත් වගකීමක් හා විශාල කාර්්‍යයන් ප්‍රමාණයක් පැවරි තිඛෙන්නේ අපටයි.

 

About freddy

Check Also

Sunanda_Deshapriya

මේ ආණ්ඩුවට මොළයක් නෑ- සුනන්ද දේශප්‍රිය

71 අරගලයේ ක‍්‍රියාකාරිකයකුව සිටි ඔහු ඉන් අනතුරුව ජවිපෙන් ඉවත්ව විකල්ප දහරාවේ මාධ්‍යවේදියකු, මාධ්‍ය සංවිධාන ක‍්‍රියාකාරිකයකු ...