Breaking News
Home / News / කිලිනොච්චියේ මාධ්‍යවේදි සිවාට මරණ තර්ජනය කළ ව්‍යාපාරිකයා පොලිසියේදි සමාව ඉල්ලයි !

කිලිනොච්චියේ මාධ්‍යවේදි සිවාට මරණ තර්ජනය කළ ව්‍යාපාරිකයා පොලිසියේදි සමාව ඉල්ලයි !

කිලිනොච්චි මාධ්‍යවේදින් විසින් තමන්ගේ ගැටළු ගැන සංදේශයක් මාධ්‍ය ඇමතිට දුන් අවස්ථාව
කිලිනොච්චි මාධ්‍යවේදින් විසින් තමන්ගේ ගැටළු ගැන සංදේශයක් මාධ්‍ය ඇමතිට දුන් අවස්ථාව

කිලිනොච්චියේ  ටිපර් රථ ව්‍යාපාරිකයෙකු විසින් පසුගිය අප්‍රේල් -5 වනදා මාධ්‍යවේදියෙකු හට මරණ තර්ජන කර තිබුනේ තමන්ගේ වැලි ප්‍රවාහනය ගැන පුවත පළකළහොත් කිලිනොච්චියේ ඉන්න දෙන්නේ නැ යැයි කියමිනි.
ඒ කිලිනොච්චියේ ස්වාධින රූපවාහිනි සේවයේ ධර්මලිංගම් පරමසිවම් නැමැති මාධ්‍යවේදියා හටය.
ඔහු මේ පිළිබදව එදිනම කිලිනොච්චි පොලිසිියට

පැමිණිලි කරන්නට ගියද අදාල ව්‍යාපාරිකයා කැදවා ප්‍රශ්ණය සමතයකට පත්කරගනිමු යැයි කියු එහි ස්ථානාධිපතිවරයා පැමිණිල්ල සටහන් කිරිමට සිවාව යොමුකර තිබුනේ නැත.
පසුව ඔහු ඒ පැමිණිල්ල ඉරණමඩු හි පිිහිටි පොලිස් අධිකාරි කාර්යාලය වෙත ගොස් කර තිබුණි.
ඉන් අනතුරුව කිලිනොච්චි පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අප්‍රෙල් 07 වනදා පරමසිවම් හෙවත් සිවාටත් අදාල ව්‍යාපාරිකයාටත් පොලිසියට එන ලෙස දන්වා තිබුණි.
එහිදි ව්‍යාපාරිකයා විසින් සිවාගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබුණි.
මේ සමබන්ධයෙන් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් ඊයේ කිලිනොච්චිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ පැමිණිල්ල ලිවිම සදහා සිවාව යොමුකිරිමට නොහැකි විම තමන්ගේ අතපසුවිමක් බව පිළිගන්නා බවත් දැන් ප්‍රශ්ණය සමතයකට පත්කර ඇති බවත්ය.
මාධ්‍යවේදින් සහ කිලිනොච්චි ප්‍රදේශයේ පොලිස් ස්ථාන 6යේ ස්ථානාධිපතිවරුන් සහ ජේෂ්ඨ පොලිස් නිළධාරින්ද සමගින් කිලිනොච්චියේ මාධ්‍යවේදින්ගේ ගැටළු ගැන විශේෂ සාකච්ජාවක් කඩිනමින් සිදුකිරිමට මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව මේ දිනවල සුදානම් වෙමින් සිටි.

About freddy

Check Also

vigee 1

සිවරාම් සැමරුම උතුරු මහඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදි ……

  මහින්ද රාජපක්ෂගේ මිනිමරු රෙජිමය විසින් බිලිගත් ජේෂ්ඨ මාධ්‍යවේදි ධර්මරත්න සිවරාම් හෙවත් තාරකි සැමරුම මෙවර ...