Breaking News
Home / Stories / ඝාතනයට ලක්වු දමිළ මාධ්‍යවේදින් ගැන පරික්ෂණ නොකරන්නේ ඇයිදැයි උතුරේ මාධ්‍යවේදිහු ජනපති සහ අගමැතිගෙන් අසති!

ඝාතනයට ලක්වු දමිළ මාධ්‍යවේදින් ගැන පරික්ෂණ නොකරන්නේ ඇයිදැයි උතුරේ මාධ්‍යවේදිහු ජනපති සහ අගමැතිගෙන් අසති!

Met PM 3එන්න එකට හුස්ම ගන්න තේමා කොට ගනිමින් පසුගිය මාර්තු මාසයේදි ආරම්භ කරන්නට යෙදුන උතුරු දකුණු මාධ්‍ය සහෝදරත්වයේ වැඩසටහනේ දෙවන  අදියර ලෙසින් උතුරේ දිස්ත්‍රික් 5 ක් නියෝජනය කරමින් මාධ්‍යවේදින් 56 දෙනෙකු දකුණේ සහෝදරත්වයේ සංවාරයක  නියැලි සිටියහ.
මේ කණ්ඩායම ජුලි 7 වනදා අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන යන දෙපල පාර්ලිමේන්තුවේදි හමුවි විශේෂ සාකච්ජාවක්ද පැවැත්විණි.
තමන් දැන් බියෙන් සැකෙන් තොරව නිදහස් ජිවිතයක් ගත කරන බවත් ඒ ගැන ජනපති හා අගමැති වෙත තුතිය පළ කරන බවත් කියා සිටි අතර
ඝාතනයට ලක්වු දමිළ  මාධ්‍යවේදින් ගැන පරික්ෂණ නොකරන්නේ ඇයිදැයිද  ජනපති අගමැති පාර්ලිමේන්තුවේදි අවධානයට යොමුකරන සිටින ලදි.
එහෙත් මේ සම්බන්ධයෙන් සිදු ප්‍රතිචාරයක් නොලැබිම ගැන තමන් කණගාටු වන බව උතුරේ සිට පැමිණි මාධ්‍යවේදිහු කියා සිටියහ.
මේ අවස්ථාව සදහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්නත කරුණාතිලක,ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන අමාත්‍යංශ ලේකම් නිතිඥ නිමල් බෝපගේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසුරිය ඇතුළු රාජ්‍ය නිළධාරින් රැසක්ද එක්ව සිටිනු දක්නා ලදි .
met {M 2

Comments

Save

About freddy

Check Also

OLYMPUS DIGITAL CAMERA

මාධ්‍යවේදී කීත් නොයර් පැහැර ගැනීම: මේජර්වරයකු ඇතුලු හමුදාවේ 3ක් අත්අඩංඟුවට.

2008 මැයි 22 දින වැඩ අවසන්ව නිවෙසට පැමිණෙමින් තිබියදී මාධ්‍යවේදී කිත් නොයාර් පැහැර ගෙන යෑම ...