Breaking News
Home / Events / රාවයට තිහයි !

රාවයට තිහයි !

..ravaya1
ලාල් පියසේන සුරංජිත් හේවාමාන්න හැරී ගුනතිලක මේ අය හිටියේ නැත්තම් සමහර විට රාවයක් මේ විදිහට පවතින එකක් නැහැ. හැරී ගුනතිලක ජනාදිපති ප්‍රේමදාසගේ කාලේ රාවය ආරක්ෂා කරගන්න ලොකු සහයක් දුන්නා. ඔහු ඒ අවස්ථාවේ අද්‍යක්ෂවරයෙක් විදිහට රාවයට එකතුවුනා. ඒක රාවයට ලොකු ශක්තියක් අරං ආවා. ඊළගට ලාල් පියසේන, රාවය ලොකු මුදල් ගැටළුවක ඉන්නකොට ඔහු රාවයේ යාන්ත්‍රනය විදිමත් කරලා රාවය පවත්වාගන්න ලොකු ශක්තියක් වුනා. සුරංජිත් හේවාමාන්න තමයි අදිකරනය ගැන මම කරපු හෙලිදරව් සහ අරගල වලදී පිටිපස්සෙන් ඉදලා යෝද ශක්තියක් වුනේ. ඔහු නැතිවුනානම් සමහර වේලාවට මට මේ අරගලය කරන්න බැරි වෙන්න තිබුනා. අනික් පැත්තෙන් මම හිතනවා ඔහුගේ මරනයත් ඉක්මන් වුනේ මම නිසා කියලා. ඔහු හරි සංවේදී මනුස්සයෙක්. මගේ හෙලිදරව් එක්ක ඔහු අදිකරනය ගැන සෑහෙන්න කලකිරිලා හිටියේ. මේ රාවයට අවුරුදු 30ක් සැමරීම සදහා රාවය පරිශ්‍රයේ සංවිදානය කර තිබු පුංචි උත්සවයේ දී අතුල අයියා කල කතාවේ මට මතක ටිකක්. මේ කෙටි උත්සවයේදී සහ සාදයේදී මේ තිදෙනාගේ චායා රූප තුනක් රාවය බිමේ නිරාවරනය කලා. තවත් වැදගත් දෙයක් මෙහිදී සිද්දවුනා.ඒ රාවය ලොකු මුදල් ගැටළුවක ඉන්නකොට ස්වේච්චාවෙන් රාවයෙන් ඉවත්වෙලා රාවයේ පැවැත්මට උදව් කරපු හිටපු රාවය සාමාජිකයින් සමරු තිලිනයකින් අගය කිරීම. මේ අවුරුදු තිහ අස්සේ රාවය ලංකාවේ සමාජයට යම් සේවයක් කරලා තියෙනවා. ඒක කාටවත් නැහැ කියන්න බැහැ.ඉදිරියටත් රාවය එලෙසම පවතිනු ඇති.
ravaya

චායා: ඉදුනිල්

උපුටා ගැනිම -කේ.සංජීවගේ මුහුණු පොතෙනි

About freddy

Check Also

a057a2199197cca1a2f1db70016aeeb5_xl_300_250

2016 රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා නිර්මාණ බාර ගැනේ

කලාත්මක හා විද්‍යාත්මක සන්නිවේදන මාධ්‍යයක් ලෙස ඡායාරූපකරණය ප්‍රචලිත කිරීම. ඡායාරූප ශිල්පය ප්‍රශස්ත – ගුණාත්මක මාධ්‍යයක් ...