Breaking News
Home / articles / තොරතුරු පනත ඇතුළු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ රටේ අවශ්‍යතාවයටයි

තොරතුරු පනත ඇතුළු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ රටේ අවශ්‍යතාවයටයි

ස්වර්ණා විජේකෝන්
ඡායාරූපය – විපුල අමරසිංහ

තොරතුරු පනත ක්‍රියාත්මක කිරිම ඇතුළු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සිදුවිය යුත්තේ රටේ අවශ්‍යතාව අනුව මිස විදෙස් අවශ්‍යතා අනුව නොවන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.

තොරතුරු පනත මුවාවෙන් සංවිධානාත්මක ලෙස ඇතැම් පිරිස් ඇතැම් තොරතුරු ලබාගැනිමට පවා උත්සාහ කළ හැකි බවත් තොරතුරු පනත යටතේ වුවද තොරතුරු ලබාගැනීමට විධිමත් ක්‍රමවේදයක් පවතින බවත් බෝපගේ මහතා පැවැසීය.

නිමල් බෝපගේ මහතා මේ බව සඳහන් ක‍ළේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කළ වැඩමුළුවක් වෙනුවෙන් සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා:-

මීට දශක දෙක තුනකට ඉහතදී තිබුනේ ජනමාධ්‍ය කිහිපයයි.ශ්‍රි ලංකා ගුවන් විදුලිය,ලේක්හවුස් පුවත්පත් ඇතුළු තවත් පුවත්පත් කිහිපයක් පමණයි එදා තිබුනෙ.අපේ වැඩිහිටි පරපුර එදා තම දැනුම පුළුල් කරගත්තේ මේ මාධ්‍ය ඔස්සේයි.

පුවත්පත් වලට නියාමනය කිරීමට ආයතනයක් තිබෙනවා.නමුත් සමාජ මාධ්‍ය නියාමනයට ආයතනයක් නැහැ.නමුත් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට අවශ්‍ය මත ප්‍රබල ලෙස සමාජ ගතවෙනවා.එය හිතකර හෝ අහිකකර අයුරින් සිදුවෙනවා.පසුගිය වකවානුවේදී මේ ෆේසුබුක් නිසා සියදිවි නසාගැනිම් ගණනාවක් සිදුවුණා.ඒ වගේම විවිධ ආකාරයේ අපහාස කිරීම් සිදුවෙනවා.මේවා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් දිනපතා පැමිණිළි කරනවා.නමුත් මේවා සම්බන්ධයෙන් පියවරක් ගන්නට නොහැකි වී තිබෙන්නේ නියාමනයක් නොමැති නිසයි.

ඒ වගේම කොටදෙණියාවේ සේයා දියණිය ඝාතනය වූ වෙලාවේ මොන මාධ්‍යය විසින් ද ආචාර ධර්ම ආරක්ෂා කෙළේ.එම දැරියගේ මරණය මාධ්‍ය ආයතන විසින් මාර්කට් කළා.ඒ වගේම අපගේ පුවත්පත් වලට අරමුණු තිබෙනවා.එදිනෙදා අලෙවි කරන ප්‍රවෘත්ති විෂයයන් ලෙස කොටස් කර තිබෙනවා.අසභ්‍ය,මිත්‍යාව,විශේෂයෙන් සැළසුම් කරන ලද පුවත් ආදී වශයෙන් ඒවා විස්තර කරන්නට පුළුවන්.ඇතැම් මාධ්‍ය ආයතන විසින් ජ්‍යේතිෂවේදින් ඔසවා තබනවා.සමහර අය අනාවැකි කියනවා.කවදද මේව ඇත්ත වෙලාතිබෙන්නෙ.

ඒ වගේම පසුගිය තුන්වැනිදා තොරතුරු පනත බලාත්මක කළා.නමුත් මේ රටේ දාහතර ලක්ෂයක් වන රාජ්‍ය සේවකයින් ඒ වෙනුවෙන් සූදානම් ද යන ගැටළුව තිබෙනවා.ඒ වගේම තොරතුරු පනත වෙනුවෙන් අලුත් නිලධාරීන් බඳවා ගත්තෙ නැහැ. නමුත් මේ වෙලාවේ ප්‍රධානම අවශ්‍යතාව තොරතුරු පනතද,ඒ වගේම තොරතුරු පනත මුවාවෙන් ඇතුම් කළ්ඩායම් ආයතන වලට කඩා පැනලා විවිධ තොරතුරු එක්රැස් කරගන්නට උත්සාහ දරාවි.ඒ දේවල් සම්බන්ධයෙන් සැළකිලිමත් වියයුතුයි.ඒ වගේම තොරතුරු පනත යටතේ වුවත් තොරතුරු ලබාගන්නා විධිමත් ක්‍රමවේදයක් තිබෙනවා.එය අනුගමණය කළයුතුයි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්දුල මහතා:-

ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයත් යම් නියාමනයකට ලක්කළ යුතුයි.විශේෂයෙන්ම සමාජ මාධ්‍ය, ෆේස්බුක් ආදිය හිතුමතේ කටයුතු කරනවා.ඒ වගේම සෙල්ෆි ඡායාරූපකරණයත් යම් පාලනයකට ලක්කළ යුතුයි.ලෝකයේ රටවල මේවා නියාමනයකට ලක්කරනවා. නමුත් අප‍ගේ රටේ එවැනි තත්ත්වයක් නැහැ.ඒ නිසා මේ සම්බන්ධයෙන් අදාළ අංශ වල අවධානය යොමුවිය යුතුයි.ලෝකයේ බොහෝ රටවල සෑම ස්ථානයකම සෙල්ෆි ඡායාරූප ගන්නට බැහැ.ඒවාටත් යම් පාලනයක් තිබෙනවා.

මෙහිදි මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර,මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,මහාචාර්ය අජන්තා හපුආරච්චි, ප්‍රවීණ මාධවේදීන් වන ගාමිණි සුමනසේකර,එස් තිල්ලෙ නාදන් යන පිරිසද අදහස් දැක්වූහ.
www.dinamina.lk

About freddy

Check Also

03-31-1024x548-1024x548

තිරසර ලංකා – ජාතික මංගල්‍යය වාර්තාගත ජන සහභාගීත්වයක් තිරසර සංවර්ධන ඉලක්ක සමඟ එක්වේ

 ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු ...